ගාල්ල කන්දෙවත්ත දුම්රිය හරස් මාර්ගය අසල දි අද (19) සවස කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි සිඝ්‍රගාමි දුම්රියේ ගැටී පාසල් සිසුවියන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම ශිෂ්‍යාවන් දෙදෙනා උපකාරක පංතියකට ගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි ද පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිසුවියන් දෙදෙනා ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ හදාරන සිසුවියන් දෙදෙනකු බවද පොලිසිය පවසයි.