පොල් විකුණන මුවාවෙන් පොල් ගෙඩි තුල සඟවා හෙරොයින් ජාවාරම් කරන ලද කාන්තාවක් හෙරොයින් මිලි ග්‍රෑම් 7800ක් සමග ඊයේ (18) සවස අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම පන්විල නව ජනපදයේ පදිංචි 41හැවිරිදි කාන්තාවකි.
මෙම සැකකාරිය පොල් විකුණන මුවාවෙන් පොල් ගෙඩි හතරක ලෙලිතුල සඟවා හෙරොයින් ගෙනගොස් ජාවාරම් කිරිමට සුදානම්වු අවස්ථාවේ ලැබුන තොරතුරක් අනුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිිරිමට නියමිතය.