මිලියන 52 වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 175 අත් අඩංගුවට

නාවික හමුදාව විසින් අද (18) සවස මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර එහි ගෝනි උර 6ක් තුල අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් සොයාගෙන තිබේ. මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 52 කට අධික බවද නාවික හමුදාව පැවසීය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34 යන වයසේ පසුවන වංකාලේපාඩු, උදයපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවත් එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබේ

Werzuo Digital

Leave a Reply