වසර 354ක් පැරණි ලෝක උරුම ගාලු කොටු දොරටුව ගලවයි

ලෝක උරුමයක් වු ඓතිහාසික ගාල්ල   කොටු පවුරේ බාල දක්ෂ මාවතේ ඇති  කොටු පවුරේ වසර 354ක් පැරණි පිවිසිමේ දොරටුව හි වු කඩාවැටිමට ආසන්න යකඩ දොරවල් දෙක (16)දා මධ්‍යම සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ගලවා ඉවත් කර තිබේ

මෙම යකඩ දොරවල් දෙක මළකඩ කා කොයි මොහොතක හෝ ජිවිත හෝ වාහන අනතුරකට මුල්විය හැකි බවට සමුද්‍රිය කෞතුකාගාරය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා මාස තුනකට වැඩි කාලයක් ගතවි තිබු අතර ඒ සදහා අවසරය නොලැබි දැඩි අවධානමක් මත තිබි මෙය මෙසේ ගලවා ඉවත් කර ඇත.

මෙය නැවත සංරක්ෂණය කර දොර සවි කිරිමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශකයකු පැවසීය

ලන්දේසින් විසින් මුහුදුබඩ බලය ලබාගත් පසු කොටු පවුරට අල්ලා ශ්‍රි ලංකාවේ දිගම ගොඩනැගිල්ල ලෙස ඉදිකල මෙම ගොඩනැගිල්ල ඔවුන් ගේ බඩු ගබඩාව ලෙස පවත්වා ගෙන ගිය අතර මෙම දොරද එම වකවානුවදි සවි කරනු ලැබු ඕලන්ද ගෘහ නිර්මාණයට අයත් වු පුරාවිද්‍යා ස්මාරකයක් විය.

මෙම දොරටුව ලන්දේසින්ගෙන් පසු  ඉංග්‍රීසින් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර අවසාන වරට 2009 වසරේදී ප්‍රතිසංස්කරණ කරනු ලැබීය

Werzuo Digital

Leave a Reply