හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට 12000 මියයයි

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂ 13ක් පමණ රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සඳහා ඇතුලත් වන බවත් හදිසි අනතුරුවලින් වාර්ෂිකව පුද්ගලයන් 12000ක් මියයන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත  

උත්සව සමයේ සිදුවන අනතුරු අඩු කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති සාකච්ඡාවකට එක්වෙමින් එම අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මේ බව ප්‍රකාශ කර ඇත..

හදිසි අනතුරු බහුලව වාර්තා වන්නේ උත්සව සමයන්වලදී වන අතර පසුගිය වසර කිහිපය තුල වාර්තාවී ඇති හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් රථ වාහන අනතුරු බව සඳහන්.

කොරෝනා හේතුවෙන් 2020 සහ 2021 වසරවල රථ වාහන අනතුරු අඩු වුව ද ගෘහස්ථ අනතුරුවල වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත 

ජනතාවගේ දැනුවත්වීම හේතුවෙන් උත්සව සමයේ ගිනි කෙළි හා රතිඤ්ඤාවලින් සිදුවන අනතුරු අඩු වුව ද 2021 වසර අවසාන උත්සව සමය ආරම්භයත් සමග නැවතත් රථ වාහන අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, වාහනවල තත්වය පරීක්ෂා නොකිරීම, අධික වේගයෙන් රිය පැදවීම, රිය පදවන අතර දුරකථන භාවිතය වැනි ක්‍රියාවන් අනතුරුවලට හේතුවී ඇති බවට අනාවරණ වී ඇත

හදිසි අනතුරු හේතුවෙන් රෝහල්වලට ඇතුලත් කරන පුද්ගලයන්ගෙන් සියයට 50ක් අනතුරට ලක්වී ඇත්තේ ගෘහාශ්‍රිතව බව සඳහන්.

වැටීම්, සීරීම්, විෂ ශරීරගතවීම්, සත්ව සපාකෑම්, විදුලිසැර වැදීම්, පිළිස්සීම්, දියේ ගිලීම්, කැපීම් වැනි ගෘහස්ථව සිදුවන අනතරුු ද වර්තමානයේ බහුලව වාර්තාවන බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනතාවගේ දැනුවත් භාවය වැඩි කිරීමෙන් මාර්ග හා ගෘහස්ථ අනතුරු අඩු කළ හැකි බවත් අනතුරකට ලක්ව තිබියදී හැකි ඉක්මනින් නිවැරදි ක්‍රමයකට ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් සංකූලතා හා මරණ අඩු කළ හැකි බව ජාතික රෝහලේ හදිසි රෝග සහ ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතා ප්‍රකාශ කර ඇත..

Werzuo Digital

Leave a Reply