කොවිඩ් සුනාමියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඇමරිකාවේ හා යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ඊයේ (29) ජිනිවා නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම ප්‍රකාශය සිදු කර ඇත.

ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනික ව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 28,000ක්.

පසුගිය සතියේදී අමෙරිකාවෙන් වාර්තාවූ දෛනික කොවිඩ් ආසාධිතයන්ගේ සාමාන්‍ය දැක්වෙන්නේ 265,427 ක් ලෙසයි.

මීට අමතරව ඩෙන්මාර්කය – පෘතුගාලය – මහා බි්‍රතාන්‍යය සහ ඔස්ටේ්‍රලියාවද වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යා සටහන් කරමින් සිටි.

මෙය කොවිඩ් සුනාමි තත්වයක් ලෙස හඳුන්වාදිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රස් ඇඩනම් මහතා පෙන්වා දෙන්නේ.

Werzuo Digital

Leave a Reply