උප්පැන්න සහතිකය අලුත් වෙයි

පුද්ගලයකු ගේ නම අංකය සහ ජාතිය පමණක් ඇතුළත් නව ජාතික උප්පැන්න සහතික ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බව රෙජිස්ටර් ජනරාල් පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පැවසීය 

ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව අනුව වී ඇතැයි ඒ මහතා කීවේය. නව ජාතික උප්පැන්න සහතිකය පුද්ගලයාගේ නම, අංකය සහ ජාතිය පමණක් ඇතුළත් වන පරිදි සකස් කිරීමට නියමිතව තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසර පහළොවකින් පසුව දෙන හැඳුනුම්පත් අංකය දරුවෙකු බිහි වූ අවස්ථාවේදීම උප්පැන්න සහතිකය සමඟ නිකුත් කිරීමට නව ක්‍රමය මගින් පියවර ගැනේ 
දැනට නිකුත් කරන උප්පැන්න සහතිකය ප්‍රාථමික ලියවිල්ලක් පමණක් බැවින් එය ව්‍යාජ ලෙස සකස් කිරීමේ හැකියාවක් තිබේ 
පුද්ගලයකුට නව උප්පැන්න සහතිකයක ට අදාලව නව අංකයක් නිකුත් කිරීමත් සමගම පුද්ගලයාගේ පසුබිම සම්බන්ධ සියලු තොරතුරු අන්තර්ජාල ගත වෙයි 
හැඳුනුම්පත ගැනීමේදී, වාහන බලපත්‍ර ගැනීමේදී, රජයේ විභාග වලට පෙනී සිටීමේ දී, ගමන් බලපත්‍ර ගැනීමේදී, විවාහයේදී බැංකු ගිණුමක් ආරම්භ කිරීමේදී මෙන්ම ඉඩමක් හුවමාරු කිරීම ආදී සියලු කටයුතුවලට උප්පැන්න සහතිකයක් සමඟ නිකුත් කරන අංක යොදා ගත යුතු වෙයි
එමෙන්ම යම් වැරැද්දක් සම්බන්ධයෙන් පුද්ගලයකු සිර ගත කිරීමේදී ද අංකයට අනුව කරනු ලබයි නව ක්‍රමය යටතේ පුද්ගලයකුට මුළු ජීවිතයටම එක් අංකයක් දෙන අතර උප්පැන්න සහතිකයෙන් අනවශ්‍ය තොරතුරු ඉවත් කිරීම ද සිදු කරනු ලබයි 
දිනමිණ 
Werzuo Digital

Leave a Reply