මාස 20 පසු වැඩි ම සංචාරකයන් පැමිණිම මෙවර දෙසැම්බරයේ

2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,000කට අධික පිරිසක් පැමිණ ඇති අතර, එය, කොරෝනා වසංගතයට ගොදුරු වූ පසුගිය වසරේ මාර්තු මාසයෙන් අනතුරු ව වාර්තා වූ ඉහළ ම මාසික සංචාරක පැමිණිම බව වාර්තාවේ..

එය, මාස විස්සකින් වැඩි ම සංචාරකයන් පැමණි මාසය ද සදහන් වේ..

දෙසැම්බර් 29 වැනි දා දක්වා ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 69,941ක් පැමිණ ඇති අතර, ඒ අනුව වසර තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 174,930 දක්වා ඉහළ යන බව දත්ත පෙන්වා දෙයි..

දෙසැම්බරයේ දී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇත. එය 19,574 කි.

රුසියාවෙන් සංචාරකයන් 7,951ක් පැමිණ ඇති අතර, දෙසැම්බරයේ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 6,819ක්.

එළඹෙන 2022 වසරේ දී දිවයිනට මාසික ව සංචාරකයින් ලක්ෂයක් පමණ පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා පළ කරයි කෙසේ නමුත් එය, 2,018 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් 50%ක ප්‍රතිශතයකි

Werzuo Digital

Leave a Reply