දකුණු පළාතේ ජනතාව දෙවන හා බූස්ටර් එන්නත් ලබාගැනිමේ අඩුවක්

දකුණු පළාතේ 454,922 දෙනෙකුට මේ වනවිට බුස්ටර් එන්නත ලබාදි ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය Galle Times පැවසිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ 207,554 දෙනෙකුට, මාතර දිස්ත්‍රික්කයේ 130,541 දෙනෙකුට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 116,631 දෙනෙකුට මෙසේ බුස්ටර් එන්නත ලබාදි ඇත.
මේ අතර දකුණු පළාතේ 1,757,349 දෙනෙකුට පළමු එන්නත ලබාදි තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ 733,107 දෙනෙකුට, මාතර දිස්ත්‍රික්කයේ 582,158 දෙනෙකුට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 
442,116 දෙනෙකුට මෙසේ පළමු එන්නත ලබාදි ඇත
දකුණු පළාතේ  1,558,774 දෙනෙකුට දෙවන එන්නතද ලබාදි ඇත. 
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ 676,920 දෙනෙකුට, මාතර දිස්ත්‍රික්කයේ 507,909 දෙනෙකුට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 
373,991 දෙනෙකුට මෙසේ දෙවන එන්නත ලබාදි ඇත
මෙම දත්‍ත අනුව දකුණු පළාතේ පළමු කොවිඩ් එන්නතට අමතරව දෙවන හා බුස්ටර් එන්නත් ලබාගැනිමේ අඩුවක් දක්නට ලැබේ
එයට අමතරව දකුණු පළාතේ පාසල් සිසුන් 124,897 දෙනෙකුට එන්නත් ලබාදි ඇති බවද දකුණු පළාත් කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසිය
Werzuo Digital

Leave a Reply