ශ්‍රී ලංකාවේ ගාල්ල සහ චීනයේ ෂිමන් සහෝදර නගර කිරිමේ සුදානමක්

ශ්‍රී ලංකාවේ ගාල්ල සහ චීනයේ ෂිමන් සහෝදර නගර බවට පත්කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි කොළඹ පිහිටි මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පෙරේදා (27) ගාල්ල මහා නගර සභාවට පැමිණි අවස්ථාවේ දී මේ පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇත
තානාපතිවරයා මෙම සංචාරයේදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සහ නියෝජ්‍ය නගරාධිපති පවුසුල් නියාස් මහත්වරුන් හමුවී ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ සහ චීනයේ පළාත් පාලන ආයතන අතර සහයෝගීතාවය ගොඩනැංවීම පිළිබඳ පිළිබඳවද සාකච්ඡා කළ බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම සංචාරයේදී සංචාරයේ දී චීන තානාපතිවරයා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ද හමු වී ඇති අතර එහිදී චීනයේ හයිනාන් ප්‍රාන්ත රජයෙන් ප්‍රදානය කළ Huawei Smart Video Conference පද්ධතියක්ද ලබාදී තිබේ 

 

Werzuo Digital

Leave a Reply