මාසයක් වයස සිය බිළිඳාට කිරි දිම මව ප්‍රතික්ෂේප කරයි – බිළිඳා ළමා නිවාසයට

මව විසින් කිරි නොදිම නිසා දුර්වලව අනාරක්ෂිතව සිටි මසක් වයසැති කුඩා බිළිඳෙකු කිතුලම්පිටිය ළමා නිවාසයට බාර දිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා පසුගියදා නියෝග කලේය.
මෙසේ ළමා නිවාසයට බාර දෙනු ලැබුවේ ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මවකගේ මසක් වයසැති බිළඳෙකි.
ජාතික ළමා රක්ෂක අධිකාරියෙන් කරන ලද දැනුම්දිමක් අනුව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් මව සහ බිළිඳා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇති ආකාරයට  මෙම මව පියෙකු නොමැතිව පසුගිය මාසයේ  පිරිමි ළමයෙකු ප්‍රසුත කර ඇත. මේ අතර  මව දරුවාට කිරි නොදිම නිසා දරුවා කහපැහැ ගැන්වි තිබෙනු දුටු පවුල් සෞඛ්‍ය සේවිකාව ඒ බව කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැන්විමෙන් පසු මව සහ දරුවා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
එහිදි කරාපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හෙද නිලධාරිණිය,පවුල් සෞඛ්‍ය නිලධාරිණිය, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිණිය, පරිවාස නිලධාරියා මානසික වෛද්‍යවරයා ගෙන්වා බිළඳා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදි වාට්ටුබාර වෛද්‍යවරිය පවසා ඇත්තේ දරුවාගේ විජලන තත්වය හොඳ මට්ටමට පත්විගෙන ගෙන එන බවය.
හෙද නිලධාරිණිය පවසා ඇත්තේ මව දරුවාට කිරි දිමට උනන්දුවක් නොදක්වන අතර මව යම් යම් අවස්ථාවල ආවේගශිලිව කටයුතු කිරිම නිසා දරුවාගේ ජිවිතයටද හානිවිය හැකිව තිබු අවධානම් තත්වය කාර්ය මණ්ඩලය මැදිහත්ව වලක්වා ගත් බවය.
මෙහිදි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ මවට දරුවා කෙරෙහි යම් හිතකර ආකල්ප තත්වයක් ඇති නමුත් මවට දරුවාගේ වගකිම් සියල්ල සිදුකර ගැනිමට තරම් මානසික ශක්තිමත් කමක් නොමැති බවය.එනිසා රෝහලෙන් යැවුපසු මවට සහ දරුවාට රැකවරණය ලබාදිය හැකි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා උපදෙස්දි ඇත.
ඒ අනුව මව සහ දරුවා රෝහලෙන් පැමිණි පසු මාතර පිහිටි කාන්තා පිහිට ආයතනයට යවා ඇත. එහෙත් එහිදි කලහකාරි ලෙස හැසිරිම නිසා  දිනකට පසු එම ආයතනයේ සිට වාහනයකින් නැවත මව සහ දරුවා නිවසට ගෙනැවිත් දමා ඇත.පසුව මේ සම්බන්ධයෙන් අසල්වැසි පුද්ගලයෙකු විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියට දැන්විමෙන් පසු ළමාරක්ෂක අධිකාරිය ගාල්ල පොලිසියට දන්වා ඇත.
ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා චෞද්රි කාන්තා සැරයන් දුලානි(4332), කාන්තා කොස්තාපල් පවනි(10465), සැරයන් නිහාල් (58401) යන මහත්ම මහත්මින් විසින් මව සහ දරුවා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
මේ පිළිබඳ වැඩිදුර පරිවාස වාර්තාවක් ජනවාරි 26 අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Werzuo Digital

Leave a Reply