අතුරුදහන් හමුදා සොහොයුරා සොයා දෙන ලෙස ඉල්ලා ගසක් උඩ නැග්ග විශ්‍රාමික සෙබළා බිමට බසී

ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ධර්මපාල උද්‍යානයේ පිහිටි අඩි 40ක පමණ උසැති ගසක් මත නැගුණු පුද්ගලයෙකු ඊයේ (27) විරෝධතාවයක් ආරම්භ කරනු ලැබු අතර අද (28) දහවල් ඔහු ගසින් බිමට බැස තිබේ

මෙම පුද්ගලයා විශ‍්‍රාමික හමුදා සෙබළෙකු වන අතර යුද හමුදා සේවයේ සිටියදී අතුරුදහන් වූ බව කියන තම සොහොයුරා සොයා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙලෙස ගාල්ල නාගරික උද්‍යානය තුල පිහිටි ෆයිනස් ගසක් මතට නැගි මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

පසුව අද (28) දහවල් ගාල්ල කොටුව යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු පැමිණ හැකි ඉක්මණින් ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට කටයුතු කිරිමට පියවර ගන්නා බව පැවසීමත් සමග ඔහු ගසෙන් බිමට බැස තිබේ.
Werzuo Digital

Leave a Reply