දකුණු පළාතේ 2021 මෙතෙක් වාර්තා වු අඩුම කොවිඩ් ආසාදිතයින් අද (27) වාර්තාවේ

මේ වසරේ දකුණු පළාතේ මෙතෙක් වාර්තා වු අඩුම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (27) පෙරවරු 8.00 අවසන් වු පැය 24 තුල වාර්තා වි ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය Galle Times වෙත පැවසීය 

ඒ අනුව දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වි ඇති බව එම මධ්‍යස්ථානය පැවසීය

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ්  ආසාදිතයින් 23 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙකු ද වාර්තා වී ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය 

ඊයේ (27)  ගාල්ල දිස්ත්‍රික්කයේ පහත සදහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වි ඇත ඒ අනුව අම්බලන්ගොඩ 01, බෝපේ පොද්දලින් 08, ගාල්ල 02,  හබරාදුව 02, හික්කඩුව 03, ඉමදුව 02, ඉඳුරුව 01, නාගොඩ 01, නියාගම 02, රත්ගම 01 ක් ලෙසද, 

මාතර දිස්ත්‍රික්කයේ පහත සදහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වි ඇත ඒ අනුව වැලිගම 01, කඹුරුපිටිය 01, පස්ගොඩ 02 ක් ලෙසද, 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පහත සදහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වි ඇත. ඒ අනුව අම්බලන්තොට 01, බෙලිඅත්ත 05, ඔකේවල 02, සුරියවැව 06, තංගල්ල 01, තිස්සමහාරාමය 08, වලස්මුල්ල 03, වීරකැටිය 01 අයෙකු බැගින් වාර්තා වි ඇත.. 

දකුණු පළාතේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,955 කි

Werzuo Digital

Leave a Reply