ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කෙරේ (PHOTOS)

ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන් දැනුවත් කිරීමේ අවස්ථාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.
සංචාරක කර්මාන්තයේ තෝතැන්නක් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල වරාය සංවර්ධනයේදී නව දියකඩනයක් (Break Water) නිර්මාණය කිරීම, මගී නෞකා සඳහා නව මගී පර්යන්තයක් නිර්මාණය කිරීම, යොට්ච් මැරීනා කලාපයක්, දිය මත ඉදිවෙන සංචාරක නිකේතන, ජල ක්‍රීඩා සහ හෝටල් ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් වෙත අවස්ථා උදා කර දීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය වසර 3ක් වැනි කාලයක් ඇතුලත අවසන් කිරීමට අපේක්ෂා කකරන බව අඅනාවරණය විය
ශ්‍රී ලාංකික සංචාරක ක්ෂේත්‍රය ලොව ඉහලින් ඔසවා තබන මෙම ව්‍යාපෘතිය හරහා, ගාල්ල සහ දකුණු පළාත මෙන්ම ශ්‍රී ලාංකික ජනතා ආර්ථිකය ඉහල නංවන නව ව්‍යාපාරික සහ රැකියා අවස්ථා උත්පාදනය වනු ඇති බව එහිදි අනාවරණය විය
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, ගාල්ල නගරාධිපති, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිළධාරීන්, දේශීය විදේශීය ආයෝජකයන් ඇතුළු පිරිසක් සහභාගීවිය.
Werzuo Digital

Leave a Reply