හික්කඩුව මුහුදේ පොකිරිස්සන් ඇල්ලු දෙදෙනකු අත් අඩංගුවට (PHOTOS)

හික්කඩුව කොරල් පර සහිත අභය භූමි මුහුදු ප්‍රදේශයේ පොකිරිස්සන් අල්ලමින් සිටි දෙදෙනෙකු ඊයේ (26) අලුයම අත්අඩංගුවට ගත් බව හික්කඩුව වනජීවි කාර්යාලය පැවසීය
සැකකරුවන් දෙදෙනා පොකිරිස්සන් ඇල්ලීමට භාවිතා කළ උපකරණ සමග අල්ලාගත් පොකිරිස්සන් 13 දෙනකු ද සොයාගත් බව එම කාර්යාලය පැවසීය.
සැකකරුවන් සන්තකයේ තිබු පොකිරිස්සන් 13 දෙනාටම පණ තිබූ බැවින් එම සතුන් නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බවද හික්කඩුව වනජිවි කාර්යාලය පැවසීය.
හික්කඩුව වනජිවි උද්‍යාන භාරකරු උත්පල අදාරංග, වන සත්ව අඩවි ආරක්ෂක ඩී.පී.එදිරිසූරිය, වන සත්ව අඩවි ආරක්ෂක සහකාරවරුන්වන කේ.ඉන්ද්‍රපාල, ජී.එස්.කසුන් සෝමසිරි, එච්.එල්.චමිල ප්‍රදිප්, වන සත්ව නියාමක එච්.ආර්.ධනුෂ්ක යන මහත්වරුන් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ 
සැකකරුවන් ඊයේ (26) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබින.
Werzuo Digital

Leave a Reply