කටුගොඩ දී ළමයින් දෙදෙනකු නාන තටාකයකට වැටි රෝහලට

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ අද (27) සවස නාන තටාකයකට වැටි දියේ ගිලිණු ළමයින් දෙදෙනකු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන බව රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ එකම පවුලේ 09 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 07 හැවිරිදි දැරියක් බවද පොලිසිය පවසයි.
අද පස්වරුවේ අසල තිබුණු නිවසක පිහිටි නාන තටාකයකට මෙම ළමයින් වැටි ගිලි  ඇති බවත් ඒ සමගම ඔවුන් සමග ගිය අනෙක් දරුවන් ඒ බව පැවසිමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ළමයින් දෙදෙනා රෝහලේ ගත කර ඇති බවද පොලිසිය පවසයි.
 
එම දරුවන් දෙදෙනා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහලේ  ප්‍රකාශකයෙකු පැවසීය  
Werzuo Digital

Leave a Reply