ගාල්ලේ ජනප්‍රිය පාසලක ලක්ෂ 22ක වංචාවක් පිළිබඳව පැමිණිල්ලක්

නඩුවක නිතිඥ ගාස්තු ගෙවිමට බව පවසා ගාල්ලේ ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමකින් රුපියල් ලක්ෂ 22ක් වංචාකර ඇති බවට එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරිකවරයා විසින් ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශණ අංශයට පැමිණිල්ලක් කර ඇත..
හිටපු සම ලේකම් සහ හිටපු භාණ්ඩාගාරික විසින් මෙම මුදල වංචා කර ඇති බවට එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරිකවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ අනුව 2021 දෙසැම්බර් 12 වනදින පැවති මහා සභා රැස්විමේදි භාණ්ඩාගාරික ලෙස තමා පත්වු බවත් එසේ පත්විමෙන් පසුව ආදි ශිෂ්‍ය සංගමයේ ලේඛන පරික්ෂා කල බවත් ආදී ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්විම පැවැත්විම පැහැර හැරිමට විරුද්ධව දිසා අධිකරණයක පවරා තිබු නඩුවක නිතිඥ ගාස්තු ගෙවිමට බව පවසා මෙම මුදල වංචා කර ඇති බවත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් කියා සිටි..
පොලිසිය විසින් මේ පිලිබඳ විමර්ශණ සිදුකර ගෙන යනු ලබන අතර මේ සම්බන්ධයෙන්  අධිකරණයට කරුණු වාර්තා කිරිමටද නියමතව තිබින..
Werzuo Digital

Leave a Reply