බෝක්කුවක් නිසා ජිවිත බේරුනු පොලොන්නරුවේ අනතුර

හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද (10) පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප‍්‍රදේශයේදී පොලොන්නරුව උතුරු ඇළට පෙරළී බෝක්කුවක සිරවීමෙන් ජිවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය පවසයි.

එම අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවන් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.

ඇඟලූම් කම්හලේ උදෑසන සේවා මුරය සඳහා යමින් සිටි සේවිකාවන් පිරිසක් මෙසේ අනතුරට ලක්වී ඇති බවත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනකු පමණ ගමන්කර තිබේ

Werzuo Digital

Leave a Reply