වසර 06 පුරා ටයරයක් බෙල්ලේ සිරවුණු කිඹුලෙකු බේරාගනි (PHOTOS & VIDEO)

06 වසරක් තිස්සේ යතුරු පැදි ටයරයක් බෙල්ලේ සිරවුණු කිඹුලෙකු අල්ලා ගෙන එම ටයරය කපා ඉවත් කර එයින් නිදහස් කිරීමට ඉන්දුනීසියානු ධීවරයෙක් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ පලු නගරය ආසන්නයේ අඩි 14 පමණ දිග මෙම කිඹුලා ජීවත් වන බවද එම වාර්තා සඳහන් කරයි.

කිඹුලාගේ බෙල්ලේ ටයරය ඇති බව පළමුවෙන් ම දකින්න ලැබී ඇත්තේ 2016 දීය කිඹුලා වැඩෙන විට මෙම ‘රබර් ටයර් මාලය’ තව තවත් උගේ බෙල්ලේ සිරවන්න වූ බවත්, කිඹුලාට හුස්ම ගැනීම පවා අසීරු කළ බවත් ප්‍රදේශවාසීහු උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය.

ඉන් අනතුරුව දෙවතාවක් උගුලකට අසුකර ගෙන ටයරය ඉවත් කිරීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වී ඇත..

පසුගිය 07 වැනිදා ටිලී නමැති ධීවර තරුණයෙකු සාර්ථකව මෙම කිඹුලා උගුලකට අසුකරගෙන ඇත. අනතුරුව ටිලී ගිනි නිවන භටයන් සහ ප්‍රදේශවාසීන් කණඩායමකගේ උදව්වෙන් කිඹුලාගේ බෙල්ලේ සිරවී තිබූ යතුරු පැදි ටයරයෙන් කිඹුලා නිදහස් කර ඇත

කිඹුලා බේරාගත් වීඩියෝව 👇







Werzuo Digital

Leave a Reply