රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු බේරාගැනේ

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීහු පිරිසක් කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලට බාර දී තිබෙන බව වාර්තාවේ.

දින හතක් පමණ වයසැති එම අලි පැටියා අතරමංව සිටියදී ගම්වාසීන් දැක වැලිකන්ද වනජීවීන් නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ගොස් අලි පැටියා මාරුවෙන් මාරුවට කරේ තබාගෙන වාහනේ තිබෙන ස්ථානයට රැගෙන විත් ඇත.

වනජීවී නිලධාරීන් අලි පැටවා සොයා ගන්නා අවස්ථාවේ දී එම සත්ත්වයා සිහිසුන්ව වැටී සිටි බවයි වාර්තාවේ

මෙම අලි පැංචා නිරුපද්‍රිතව බේරා ගැනීමට ගම්වාසීන්ගේ සහායද හිමිවන බව වනජීවී නිලධාරීහු සඳහන් කර තිබේ 

Werzuo Digital

Leave a Reply