කොවිඩ් වසංගතය 2022 අගදි අවසන් – WHO බලාපොරොත්තුවක

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග කොවිඩ් වසංගතයේ සැර බාල වෙමින් පවතින බවත්, ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා පූර්ණ එන්නත්කරණය කළහොත්, මෙම 2022 වසර අවසන් වෙද්දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ජිනීවා අගනුවර දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මේ බව ප්‍රකාශ කර ඇති බව එම වාර්තා සදහන් කලේය..

ලෝක ජනගහනයෙන් සියයට 70 කට එන්නත් ලබා දී සම්පූර්ණ කිරීමට නම්, ලොව සෑම රටක්ම එකමුතු වී කටයුතු කළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දි තිබේ..

Werzuo Digital

Leave a Reply