ලෝක උරුම ගාලු කොටුවේ කැත වැඩක් (PHOTOS)

සංරක්ෂණය කරමින් පවතින ගාලු කොටුවේ යටත් විජිත යුගයේ  කාලතුවක්කු ස්ථානගත කර තිබූ ස්ථානවල සවිකර ඇති කාලතුවක්කු ආකෘති කිහිපයකට කොටුවට පැමිණෙන සංචාරකයන් විසින් හානි කර තිබෙන බව ව්‍යාපෘතියේ නිරත නිලධාරීහු පවසයි.

මේ ආකාරයට කාලතුවක්කු කිහිපයක් කඩා දමා තිබෙන අතර තවත් කාලතුවක්කු කිහිපයක කොටස් ගලවා තිබෙන බවත්, සකස් කර ඇති තණ පිඩැලි වලටද හානි සිදුකර තිබෙන බවද ඔවුහු පවසයි.

කුඩා ළමයින් සහ වැඩිහිටි පුද්ගලයන් ඒ මත නැගී ඡායාරූප ගැනීමට පෙළඹීම හේතුවෙන් මෙම කාලතුවක්කු ආකෘතිවලට හානි සිදු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි
කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කරමින් පවතින ගාලු කොටුවේ මෙවැනි දේ අසන්නට දකින්නට ලැබීම කණගාටුවට කරුණක් බවත් එය ජාතික අපරාධයක් බව කොටුවේ පදිංචි  ප්‍රදේශවාසීන් පවසයි.

ගාල්ල කොටුවේ ඉපැරණි බව ආරක්ෂා කිරීම සඳහා විටින් විට විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරිණි. ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6400ක සහන ණයක් යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරයි.

ගාල්ල කොටු පවුර සංරක්ෂණය කිරීම, බිම් සැකසීම හා සංචාරකයන්ට ගාල්ල කොටුව පිළිබඳ නිවැරදි හා පැහැදිලි අර්ථකථනය සැපයීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි..








Werzuo Digital

Leave a Reply