ගාල්ල වෙරළ තීරයේ අනවසර මාලු වෙළඳසල් ඉවත් කරයි

ගාල්ල දෙවට වෙරල තිරයේ සහ ජා කොටු වෙරළ තීරයේ තිබු අනවසර මාලු වෙළඳ සල් ඉවත් කිරිම අද (14) සිදු කරන ලදි 
වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අනවසර මාලු වෙළඳ සල් ඉවත්  කරන ලද එහිදි මාලු වෙළඳසල් හිමියන්ගෙන් එල්ලවුයේ විරෝධයකි. මෙහිදි ආරක්ෂාව සදහා අතිරේක පොලිස්බල ඇණි කිහිපයක්ද කැඳවා තිබිනි
නමුත් ජා කොටු වැල්ල මාළු වෙළෙඳ සැල් හිමියන් විසින්ම එවා ඉවත් කරනු ලැබිය
ජනාධිපතිවරයා 17වනදා ගාල්ලට පැමිණිම නිමිත්තෙන් තමන්ගේ ව්‍යාපාර නතරකොට නගරය අලංකරණයට යයි කියා මෙම ස්ථානයෙන් එවා ඉවත් කිරිම අසාධාරණ බව දෙවට වෙරළ තීරයේ මාළු වෙළදාමේ නිරත පිරිස පැවසීය. 
මේ සම්බන්ධයෙන් වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයෙන් විමසුවිට කියා සිටියේ ජනාධිපතිවරයාගේ ගාල්ලට පැමිණිම සහ මෙම ඉවත් කිරිම අතර කිසිම සම්බන්ධයක් නොමැති බව. මෙම අනවසර වෙළඳසල් හිමිකරුවන්ට ඉවත්වන ලෙස වෙරල සංරක්ෂණ පනත අනුව අවස්ථා කිහිපයකදිම දැනුම් දි ඇති බවත් පසුගිය අගොස්තු 20වනදින අවසන් නිවේදනය නිකුත් කර ඇති බව එම කාර්යාලය පැවසීය.
මෙම ස්ථානයේ අනවසර මාලු වෙළඳසල් ඉවත් කිරිමේ අරමුණ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වෙරල උද්‍යානයක් ඉදි කිරිමට පසුබිම සකස් කිරිම බවද එම කාර්යාලය පැවසීය.
Werzuo Digital

Leave a Reply