වතුර භාජනයට වැටුණු කුඩා දරුවකු මරුට

නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබු කුඩා වතුර බකට් එකකට වැටිමෙන් අවුරුදු දෙකයි මාස තුනක් වයසැති බිළිඳකු ඊයේ (13) මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය පවසයි.

තිණියාවල පොලිස් වසමේ පැලවත්ත පදිංචි බිළිඳි දරුවෙකු මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි

සිය පියා සමග සිටි දරුවා මොහොතකින් ඔහුගෙන් ඉවතට ගොස් ඇති අතර පසුව සොයා බලනවිට නිවස අසල රෙදි සොදා ඉතිරිව තිබු සබන් වතුර සහිත කුඩා වතුර භාජනයකට වැටි සිටියදි හමුව ඇත.

Werzuo Digital

Leave a Reply