නිවසට පැමිණි කොල්ලකරුවන් සමග සටන් කල ළමයෙකුට හා කාන්තාවකට තුවාල

ගිතොට විදානගොඩ ප්‍රදේශයේ නිවසකට අද (14) අලුයම ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි කාන්තාවන් දෙදෙනකුට සහ පිරිමි ළමයෙකුට තුවාල සිදුකොට රුපියල් 45000ක් පමණ වටිනා රන් අත් පළඳනාවක් කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කොල්ලකරුවන් දෙදෙනා අලුයම නිවසට ඇතුළු වි කොල්ලකෑමට භාණ්ඩ සොයා ඇති අතර එහිදි කිසිවක් හමු නොවු නිසා නිවැසියන් නිදා සිටි කාමරයේ දොරකඩා ඇතුලුවි එහි සිටි කාන්තාවන් බියට පත්කර අත් පළඳනාවක් කොල්ලකා පලා යාමට උත්සාහ කිරිමේදි අවුරුදු 12ක පමණ පිරිමි ළමයා ඔවුන් සමග පොර බැදිමේදි ළමයාගේ අතකටද, එක් කාන්තාවකගේ අතකටද  කැපුම් තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි
තුවාල සිදු කිරිමෙන් පසු කොල්ලකරුවන් අත් පළඳනාවද රැගෙන පලාගොස් ඇති අතර කැපුම් තුවාල ලබාසිටි කාන්තාව සහ ළමයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලබයි.
Werzuo Digital

Leave a Reply