අහංගම රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම හාතපෑලැන හංදියේ දි ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරමින් සිටි යතුරු පැදියක් හා මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වු සිමෙන්ති මිශ්‍රණ රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද (15) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදිම මියගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු මාලිම්බඩ පාලටුව යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. 
මෙම රිය අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති මිශ්‍රණ රථය පැදවු රියැදුරු සහ එම රථය අහංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය  විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.
Werzuo Digital

Leave a Reply