හබරාදුව දී තරුණියක් දුම්රියට පැන මරුට

අද (15) රාත්‍රී 7.45 ට පමණ හබරාදූව පොලිස් වසමේ කොග්ගලදි තරුණියක් කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
කොග්ගල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉදිරිපිට පිහිටි දුම්රිය මාර්ගයේ දී මෙම තරුණිය දුම්රියට පැන ඇති අතර වයස අවුරුදු 30ක් පමණ බවද පොලිසිය පවසයි.
මිය ගිය තරුණිය රොටුඹ, උරුබෝක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.
සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ උපදේශන සේවය සදහා අමතන්න

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
උපදේශන සේවාව, “Say Yes To Life”
+94 112 682 535
Werzuo Digital

Leave a Reply