කැනඩාව හදිසි නිතීය පනවයි

කැනඩා රජයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළ කරන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිවේදනය කල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය..

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා රජය ගත් තීරණයට එරෙහිව කැනඩාවේ ඔටාවා අගනුවර මේ වනවිට විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකාවේ සිට කැනඩාව තෙක් භාණ්ඩ ප්‍රවාහනයේ නියැලෙන ට්‍රක් රථ රියැදුරු සංගම් එක් වෙමින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බවත් එම වාර්තා සදහන් කලේය.

ඔටාවා අගනුවර දෛනික කටයුතුවලට බාධා වන ආකාරයට ට්‍රක් රථ රියැදුරන් දින 18 කට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවල නියැලෙමින් සිටින අතර, ඔවුන් විසුරුවා හැරීමට අග්‍රාමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී උත්සාහ කළ නමුත් එය අසාර්ථක වු බවද එම වාර්තා පැවසීය.

ඒ අනුව, විරෝධතාකරුවන්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ. මේ අතර ඔටාව නුවර පොලිස් ප්‍රධානීයා ඉල්ලා අස්වි ඇති බව නවතම විදෙස් වාර්තා සදහන් කලේය..

Werzuo Digital

Leave a Reply