සියලු මරණවලට PCR පරික්ෂණ අවශ්‍ය නොවන බවට චක්‍රලේඛයක්

සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR වාර්තාවක් මින් ඉදිරියට ලබාගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අභිමතය අනුව පමණක් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවසීය

මෘත ශරීර නිදහස් කර ගැනීමේදී ජනතාවට විඳීමට සිදුවූ අපහසුතා අවම කිරීමේ  අරමුණෙන් මෙම පියවර ගත් බවද  ඔහු සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply