ගාල්ලේ ටින් මාළු කම්හලක අපිරිසිදු ජලය මුහුදට යවන බවට චෝදනාවක්

 


ගාල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය ටින් මාළු නිෂ්පාදනාගාරයක් මුහුදට අපවිත්‍ර ජලය නිකුත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහන්දපුර මහත්මිය පැවසුවාය.

අදාල ටින් මාළු නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන ජල සාම්පල ලබාගෙන ඒවා ස්වාධීන පරීක්ෂණාගාරවල පරික්ෂා කිරීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කළ බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම නඩු පැවරීමට කටයුතු කරන බවත් සභාපතිනිය පැවසීය.

මෙම ටින් මාළු නිෂ්පාදනාගාරය ලංකා ධීවර සංස්ථාවට අයත් ස්ථානයක පෞද්ගලික සමාගමක් බදු පදනම මත පවත්වාගෙන යන අතර එම නිෂ්පාදනාගාරයෙන් දිනකට අපවිත්‍ර ජලය ලීටර 5000ක් පමණ මුහුදට බැහැර කරන බවට චෝදනා එල්ල වී තිබේ.

ටින් මාලු නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ජලය, ජල සම්පාදන මණ්ඩලය ලබාගෙන
ටින් මාළු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මත්ස්‍යයන් සේදීම සේදීම ඇතුළු කටයුතුවල දී අපවිත්‍ර වන ජලය පිරිසුදු නොකර කෙලින්ම මුහුදට පිට කරන බවට සමුද්‍රීය පාරිසරික ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ලංකාදීප 

Werzuo Digital

Leave a Reply