Galle Times පුවත එල දරයි – කරාපිටිය ළමා පිළිකා ඒකකයේ ගැටලුවට විසඳුම්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා පිළිකා රෝග වාට්ටුවට වෛද්‍යවරයකු ඉක්මනින් පත්කර යැවීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජී. විජේසූරිය මහතා පැවසීය.

එවැනි ඒකකයක වෛද්‍ය හිඟයක් ඇත්නම් වෙනත් අංශයකින් වෛද්‍යවරයකු අනුයුක්ත කිරීමේ අභිමතය රෝහල් අධ්‍යක්ෂවරයා සතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

එම ඒකකයේ සේවය කළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුවී යෑමෙන් පසු යළි වෛද්‍යවරයකු පත්කර නොමැති විම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා  මේ අදහස් පළ කර තිබේ

රෝහල්වලට වෛද්‍යවරු අවශ්‍ය පමණ පත්කර ගැනීම තමන් විසින් කරන බවත් ඒ ඒ අංශවලට සුදුසු වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක් බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් හදිසි අවශ්‍යතාවක් සේ සලකා එම පිළිකා ඒකකයට වෛද්‍යවරයකු පත්කර යවන බවත් ඔහු සඳහන් කර ඇත..

මේ සම්බන්ධයෙන් පලකල පුවත 👇

කරාපිටියේ ළමා පිළිකා වාට්ටුව වැහිලා මාස 04යි – දකුණේ අසනීප දරුවන් අමාරුවේ

Werzuo Digital

Leave a Reply