ඇෆ්ගනිස්ථාන ගම්මානයක අඩි 33 ගැඹුරු ළිඳක දින තුනක් සිරවී සිටි පස් හැවිරිදි පිරිමි ළමයෙකු එළියට ගෙන මොහොතකට පසු මිය ගිය බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ළමයා මීටර් 10 (අඩි 33) පමණ ගැඹුරක සිරවී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ හයිදර් නම් පස් හැවිරිදි ඇෆ්ගන් පිරිමි ළමයෙකි.
කාබුල් අගනුවරට නිරිත දෙසින් කිලෝමීටර් 400 ක් දුරින් පිහිටි ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගැඹුරු ළිඳකට දින තුනකට කලින් වැටුණු මෙම පිරිමි දරුවා බේරාගැනීම සඳහා දින දෙකක් පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබින
දරුවා බේරාගැනීම සඳහා සහන සේවකයින් උමඟක් කපා බේරාගෙන ඇත. පසුව දරුවා පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම් ඔහුට ඔක්සිජන් ලබා දී හෙලිකොප්ටරය වෙත ගෙන යාමට උත්සාහ කළ අතරතුර ඔහු මියගිය බව එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සදහන් කලේය.
මේ ආකාරයටම පසුගියදා මොරොක්කෝවේ රයන් නැමැති කුඩා දරුවෙකු ද මෙලෙස මියගොස් සිටියදි සොයාගනු ලැබින.