නාඳුනන පුද්ගලයකු පහරදී වලකට තල්ලුකලා – ගැඹුරු වලේ සිට බේරාගත් කාන්තාව

බද්දේගම අම්පේගම ප්‍රදේශයේ කාන්තාවක් අඩි 45ක පමණ අත්හැර දමා තිබූ මිනිරන් පතලකට වැටී සිටියදි බේරාගත් බව බද්දේගම පොලිසිය පවසයි.

කැලෑබද ප්‍රදේශයකින් කාන්තාවකගේ කෙදිරිලි හඬක් ඇසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් ඒ පිලිබඳව පොලීසිය දැනුවත් කර තිබේ. වහාම ක්‍රියාත්මක වූ බද්දේගම පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අදාළ පතල තුල සිරවී සිටි කාන්තාව මුදා ගෙන රෝහල් ගත කර ඇත

කෙසේ වෙතත් තමාට නාඳුනන පුද්ගලයකු විසින් බියර් බෝතල්වලින් පහර දී මෙම වලට දැමු බවට මෙම කාන්තාව ප්‍රකාශ කර ඇති බව රෝහල් පොලිසිය පවසයි.. 

40 හැවිරිදි එම කාන්තාව මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් පොලිසිය පැවසීය.

සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply