කොල්ලය වරදී ගම්වාසීන් කොල්ලකරු ගස් බඳි

වීරකැටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු අල්ලා ගස්බැඳ උල් ආයුද, අත් බෝම්බයක්, යතුරුපැදියක් සහ මුදල් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වීරකැටිය, මැදමුලන, කිංචිගුණේ බටහිර පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මංකොල්ලකෑමට ඊයේ (18) රාත්‍රියේ පැමිණි කොල්ලකරු සමග වෛද්‍යවරයා පෙරබැද ඇති අතර වෛද්‍යවරයාගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කොල්ලකරු අල්ලා ගස් බැද වීරකැටිය පොලිසියට බාරදී ඇත.

කොල්ලකරු සතුව තිබූ විදේශීය රටක නිෂ්පාදික අත්බොම්මයක්, සෙල්ලම් පිස්තෝලයක්, මන්නා පිහියක්, උල්පිහියක්, කොල්ලකන ලද රුපියල් දස දහසක මුදලක්, කොල්ලය සදහා ඔහු පැමිණ තිබූ යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply