මධ්‍යම සෝමාලියාවේ බෙලෙඩ්වේන් නගරයේ ප්‍රාදේශීය නිලධාරීන් සහ දේශපාලනඥයින් පිරිසක් රැඳී සිටී අවන්හලක් තුළ එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය
මෙම මරාගෙන මැරෙන බෝම්බකරු කාන්තාවක් බව ද එහි සඳහන්
එරට SITE බුද්ධි අංශයේ වාර්තාවකට අනුව අල් – ෂබාබ් සටන්කාමී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව එම වාර්තා සඳහන් කළේ ය.
රජයේ ඉලක්කවලට සහ සිවිල් වැසියන්ට නිතර ප්‍රහාර එල්ල කරන මෙම දැඩි මතධාරී කණ්ඩායම පසුගිය සති දෙක තුළදි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි එහි සඳහන්.
මෙම ප්‍රහාරයෙන් මීට වඩා විශාල පිරිසක් මිය යන්නට ඇති බව නිල නොවන වාර්තා උපුටා දක්වමින් තවත් විදෙස් වාර්තාවක සඳහන් වේ.