ලොව විශාලතම ස්ට්‍රෝබෙරි ගෙඩිය ඊශ්‍රායලයෙන් වාර්තා වන විදෙස් මාධ්‍ය වාර්තා කළේය..
ඊශ්‍රායල ගොවියෙකු වන චාහි ඒරියල් නැමති ගොවියෙකු විසින් වගාකර තිබු මෙම ස්ට්‍රෝබෙරි ගෙඩිය ලොව විශාලතම ස්ට්‍රෝබෙරි ගෙඩිය ලෙස ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
ග්‍රෑම් 289 බර මෙම ස්ට්‍රෝබෙරි ගෙඩියේ දිග සෙන්ටිමීටර 18 (අඟල් 7) සහ වට ප්‍රමාණය සෙන්ටිමීටර 34 (අඟල් 13) විය.
මෙම යෝධ ස්ට්‍රෝබෙරි ගෙඩිය ශීතකරණයේ තබා ගනිමින් එය ලෝක වාර්තාවක් ලෙස තහවුරු වන තෙක් බලා සිටි බව චාහි ඒරියල් පැවසීය. ඒ අනුව ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් මෙම ස්ට්‍රෝබෙරි ගෙඩිය පරික්ෂා කර ලොව විශාලතම ස්ට්‍රෝබෙරි ගෙඩිය ලෙස වාර්තා කර තිබේ
2015 වසරේ සිය අස්වැන්නෙන් ග්‍රෑම් 250ක ස්ට්‍රෝබෙරි ගෙඩිය සොයා ගත් ජපන් ජාතික ගොවියෙකු මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය