අද (26) අලුයම ගාල්ල බස් නැවතුම්පොළ අසල ඇති සංඥා පුවරුව අසලදි රුසියානු ජාතිකයෙකු පැදවු මෝටර් රථයක යතුරු පැදියක් ගැටි සිදුවු රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
මෝටර් රථය පැදවූ රුසියානු ජාතිකයා ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ
හික්කඩුව සිට උණවටුන දෙසට ගමන් කරමින් තිබු රුසියානු ජාතිකයා පැදවු මෝටර් රථය, ගාල්ල කොටුව සිට හැව්ලොක් පාර දෙසට අපරික්ෂාකාරී ලෙස පදවන ලද යතුරුපැදියක මෙලෙස ගැටී රිය අනතුර සිදුවි ඇති බව අනාවරණය වි ඇති බවද පොලිසිය පවසයි.
රිය අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ තිදෙනකු ගමන් කර සිට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවු රුසියානු ජාතිකයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ