දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ශනයට ලක් වී තිබෙන උණවටුන වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නිල ධජ වෙරළ (Blue Flag Beach) ස්ථාපිත කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර ඇත.
මේ සඳහා වූ කළමනාකරණ කමිටුව පිහිටුවීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමගින් උණවටුන වෙළඳ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙම කළමනාකරණ කමිටුව සඳහා ධීවර සමිති නියෝජිතයින් ප්‍රජා නියෝජිතයින් සමඟ අදාළ රාජ්‍ය අංශයන් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වූහ.
නිල ධජ වෙරළක්, පාරිසරික අධ්‍යාපනය සහ තොරතුරු, ජලයේ ගුණාත්මකභාවය, පාරිසරික කළමනාකරණය, ආරක්ෂාව සහ සේවා යන අංශයන් 04 යටතේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්නායකයන් 32 කට අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙරළ තීරයක් විය යුතුය.
ලෝකයේ රටවල් සියයකට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන විශාලතම පාරිසරික අධ්‍යාපනික ආයතනයක් වන The Foundation for Environmental Education (FEE) මගින් ඉහත කී නිර්නායකයන්ට අනුකූලව පවතින්නේ ද යන වග සහතික කරනයට ලක්කරමින් නීල ධජ වෙරළ (Blue Flag Beach) නාමය ප්‍රදානය කරනු ලබයි.