අද (26) දහවල් ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේ හබරාදුව, මිහිරිපැන්න ප්රදේශයේ දී ගාල්ල සිට මාතර දෙසට ධාවන වු වැලි පටවන ලද ටිපර් රථයක් හා මාතර සිට ගාල්ල දෙසට ධාවන වු මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් 03 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවන මොහතේ ටිපර් රථයට පිටුපසින් පැමිණි යතුරුපැදියකද මෙම මෝටර් රථය ගැටී යතුරු පැදිකරු සුළු තුවාල ලබා තිබේ. ඔහු මෙවර උසස් පෙළ පෙනි සිට නිවස බලා යමින් සිට ඇති බවද පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියැදුරු සහ එහි ගමන් ගත් රුසියානු ජාතික විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් පොලිසිය පැවසීය.
ප්රදේශවාසීන් විසින් වහාම ක්රියාත්මක වී තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
මෝටර් රථය අධික වේගයකින් ගමන් කිරිම නිසා එය පාලනය කරගත නොහැකිව ටීපර් රථයේ ගැටී මෙම සිදු වී තිබෙන බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මෝටර් රථයට සහ ටිපර් රථයට බරපතල හානි සිදු වී තිබේ.