දුම්වැටියක් මිලදී ගැනීම සඳහා ලෝකයේ වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේදී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිකුත් කළ නවතම දත්ත වාර්තාවක් සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල ක්‍රයශක්ති සාම්‍යයට (Purchasing Power Parity) අනුව 2020 වර්ෂයේ ප්රවණතා පාදක කොටගෙන එම දත්ත වාර්තාව සකස් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නීත්‍යනුකූල සන්නාම සහිතව ශ්‍රී ලාංකික වෙළෙඳපොළ තුළ විකිණීමට ඇති දුම්වැටිවල පවතින ඉහළ මිල ගණන් යටතේ, ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළෙ¼දාමේ ප්රමුඛ ඉලක්කයක් බවට මෙරට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක්ද කර තිබේ.
එමෙන්ම දේශසීමා පාලනයේ සහ පවතින නෛතික රාමුව තුළ ඇති දුර්වලතා හේතුවෙන්ද ශ්‍රී ලංකාවේ නීති විරෝධී දුම්වැටි වෙළඳාම ඉහළ යෑමට හේතුවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
(වසරකට ලොව පුරා මිනිසුන් ලක්ෂ 80 ක් පමණ දුම්බිම හේතුවෙන් මරණයට පත්වෙයි. දෛනිකව මෙරට මිය යන සංඛ්‍යාව 55 කි..දුම්බිම පිළිකා ඇති කරයි)