ගාල්ල නගරයේ වාහන තදබදය අඩු කිරිමටත් පදිකයින්ගේ ආරක්ෂාවටත් ප්‍රධාන බස් නැවතුම් පොලේ සිට සමනල පාලම දෙසට උමං මාර්ගයක් ඉදි කිරිමට පියවර ගන්නා ලෙස මුහුදු බඩ දුම්රිය මගි සමිතිය රජයට යෝජනාවක් ඉදිරිපත් කරතිබේ.
එම සමිතියේ සභාපති ගාල්ලේ ගුණපාල විතාරණ මහතා යෝජනාවේ පිටපත් මාර්ග සංවර්ධන අධිකාරියට, ප්‍රවාහන ඇමතිවරයාට, ගාල්ල නගරාධිපතිවරයාට පොලිස් අධිකාරිවරයාට යවමින් පෙන්වා දි ඇත්තේ බස් නැවතුම්පොල ඉදිරිපිට ගාල්ල මාතර මාර්ගයේ මිටර් සියක් පමණ කෙටිදුර තුළ පදික මාරුවිම් තුනක් සහ වටරවුම් දෙකක් තිබෙන නිසා නිතරම අනවශ්‍ය වාහන තදබදයක් පවතින බවය.
එ නිසා පදික මාරුවලින් මාරු විමට බලා සිටිනවාට වඩා උමං මාර්ගයක් ඉදිකරන්නේනම් මගි ජනතාවට පහසුවෙන් ආරක්ෂාකාරිව ගමන් කල හැකි අතර අනවශ්‍ය වාහන තදබදයක්ද ඇති නොවන බවත් බොරැල්ල මෙන් උමං මාර්ගයක් ඉදිකොට නගර සභාවට විශාල ආදායමක් ලබා ගැනිමට හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ගුවන් පාලමක් ඉදිකරන්නේ නම් එය අඩි 25 උසින්වත් ඉදිකල යුතු අතර එය නැගිමට හා බැසිමට ආබාධිතයින්ට මෙන්ම කුඩා ළමයින්ටද ගැබිණි මව්වරුන්ටද රෝගින්ටද අපහසුවක් වන නිසා උමං මාර්ගයක් ඉදි කරන්නේ නම් ජනතාවටත් පොලිසියටත් විශාල පහසුවක් බවද ගුණපාල විතාරණ මහතා වැඩි දුරටත් පෙන්වා දි ඇත.