විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඉදිවු දෙවන මධ්‍යස්ථානය විවෘත කෙරේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ චර්යාත්මක වර්ධනය සහ  දරුවන් සමාජගත කිරීම වෙනුවෙන් ගාල්ල අම්බලන්ගොඩ තිලකපුර ඉදිකරන ලද “පර්ල් “ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය අද (08) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් විවෘත කරනු ලැබිය.
මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම  සදහා සමාජ සේවා දෙපාර්තමේන්තුව,  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, Friends lanka Child foundation රාජ්‍ය නොවන සංවිධාන යන ආයතන  ඒකාබද්ධව කටයුතු සිදු කෙරිණ.
Friends lanka Child foundation සංවිධානය මගින් මෙම මධ්‍යස්ථානය මෙහෙයවෙන අතර ඊට විශේෂිත තෙරපි අංශයක්,  ළමුන් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් වෙනුවෙන් නවීන  පහසුකම් ඇතුලත්ය .
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමව්පියන් වෙතින්ම  ඉදිරිපත් වූ යෝජනාවක් වැඩිදුරටත් සලකාබැලීමෙන් පසු, මෙම මධ්‍යස්ථානය ඉදි කර තිබේ.
මෙවැනි දරුවන් පවුලට හා සමාජයට බරක් නොවන අයුරින් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ස්වාධීන හැකියාවන් දියුණු කිරීම උදෙසාත් එම දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම, චර්යාත්මක වර්ධනයක් අපේක්ෂාවෙන් මෙහෙයවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ .
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ චර්‍යාත්මක වර්ධනය වෙනුවෙන්ම ලංකාවේ ඉදි වුණු දෙවන මධ්‍යස්ථානය මෙය වන අතර ඒ සඳහා දරුවන් යොමු කිරීමේදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ
මෙම අවස්ථාව සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහතා, Friends Lanka Child Foundation සභාපතිනි Silvia Bobey  මහත්මිය, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සමන් ජයසේකර, ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්. එම් ශරෆාස්, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හසන්ති නිරෝෂණී යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීන් පිරිසක්  සහභාගී වූහ.
Werzuo Digital

Leave a Reply