ගාල්ල නගරය මැද කැපු ඇළේ මළ සිරුරක්

ගාල්ල බස් නැවතුම්පොළ හා දුම්රිය ස්ථානය මැදින් ගලා බසින කැපු (කුණු) ඇළේ තිබි පිරිමි මළ සිරුරක් අද (10) පෙරවරුවේ සොයාගෙන තිබෙන බව ගාල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ගාල්ල, වලහන්දුව පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු ගේ බව හදුනාගෙන තිබෙන බව ද පොලිසිය පවසයි.
මළ සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය විසින් පැවත්වු අතර  පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සදහා සිරුර කරාපිටිය රෝහලට රැගෙන යනු ලැබිය
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි
Werzuo Digital

Leave a Reply