ගාල්ල බස් නැවතුම්පොලේදි පුද්ගලික බස් රථයකට යටවිමෙන් අද (10) දහවල් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, මකුළුව පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.බස් රථය ඇල්පිටිය වේදිකාවට ඇතුලු කිරිමේදි ඔහු බස් රථයට යටවි ඇති අතර පසුව බරපතල තුවාල ලබා සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
අනතුරට සම්බන්ධ බස් රථය සහ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.