ගාල්ල කරාපිටිය මාඉටිපේ ප්රදේශයේ නිවසක අද (10) අලුයම ඇතිවු ගින්නකින් නිවස සම්පුර්ණයෙන්ම විනාශවි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති අතර ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවි නැති බවද පොලිසිය පවසයි. ගින්න පිළිබඳව ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ