ත්‍රි රෝද රථ රියදුරෙකුට රුපියල් එක් ලක්ෂ පන්දාහක් දඩ

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරිම, අනතුරුදායක ලෙස විවිධ වෙනස්කම් සිදු කිරිම, ප්‍රධාන ලාම්පු නොමැතිවිම ඇතුලු චෝදනා 08කට වරදකරුවු ත්‍රි රෝද රථ රියදුරෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් එක් ලක්ෂ පන් දහසක (105000) දඩයක් නියම කළාය .
මෙසේ දඩ නියමවුයේ අක්මිමණ බටදූව පදිංචි ත්‍රි රෝද රථ රියදුරෙකුටය.
රියදුරු බලපත්‍රයක් නොමැතිවිම, ප්‍රධාන ලාම්පු නොමැතිවිම, දෝෂ සහිත සයිලන්සරයෙන් පීඩාකාරි ශබ්ද නිකුත් කිරිම, ත්‍රි රෝද රථයේ මුල් ආකෘතිය වෙනස් කිරිම, අනතුරුදායකලෙස යකඩ කොටස් පිටත සවි කිරිම, සංගීත නාද සහිත විදුලි නලාවක් සවි කිරිම, වා මුවාව අඳුුරු කිරිම ඇතුලු චෝදනා 08ක් යටතේ මෙම නඩුව පවරා තිබින.
Werzuo Digital

Leave a Reply