දුවන බසයේ රෝදය ගැලවිලා රියදුරාගේ දක්ෂකමින් මහා අනතුරක් වැළකෙයි

යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ධාවනය වෙමින් තිබියදී බස් රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමෙන් සිදුවීමට ගිය බරපතළ අනතුරක් රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් වැළකී ගොස් ඇත.

යාපනයේ සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වා පෙරේදා (08) සවස ධාවනයවූ ලංගම බස් රථයක් A9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ දී හදිසියේම ඉදිරිපස රෝදය ගැලවී වෙන් වී ඇත.

අනතුරුව බස්රථයේ වේගයත් සමඟ බස් රථය පෙරළීමට ගිය අවස්ථාවේදී රියදුරු ගේ දක්ෂතාවය හේතුවෙන් එය ප්‍රබල වීමට නොදී වෙනත් වාහනයක ගැසීමටද නොදී ඉතා දක්ෂව බස් රථය නවතා මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරිමට පියවර ගෙන ඇත.

බස් රථයේ රෝදය ගැලවී යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එලෙස සිදුවන්නට ඇති බවට සැක කරන අතරම බස් රථයේ සිටි මගීන් වෙනත් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරවිමට ළඟම නිලධාරීහු පියවර ගෙන ගත්හ.


ලංකාදීප 
Werzuo Digital

Leave a Reply