අක්මීමන දී මඩ වලකට වැටි පුද්ගලයකු මරුට

දොලකට වැටි මඩේ එරි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (11) පෙරවරුවේ  සොයාගත් බව  අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අක්මිමණ හියාරේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි.
තම පුතාට විරුද්ධව තිබු නඩුවකට ඇපකරුවෙක් ලෙස අත්සන් තබා ඇති මෙම පුද්ගලයා නියමිත දිනයේ පුතා නඩුවට ඉදිරිපත් නොවිම නිසා වරෙන්තු නිකුත් කර ඇති බවත් ඊයේ (10) සවස ජංගම මුර සංචාරක පොලිස් ජීප් රථයක් නිවස අසලින් ගමන් කරනු දුටු මෙම පුද්ගලයා සිය පුතාගේ වරෙන්තුවට තමා අල්ලා ගැනිමට එන බවට සැක සිතා පලා යමින් සිටියදි දොලකට වැටි මඩේ එරි මියගොස් ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබුණු අතර අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි
Werzuo Digital

Leave a Reply