යතුරුපැදිය ත්‍රිරෝද රථයේ ගැටී රුසියානු ජාතික කාන්තාවකට තුවාල

අහංගම හෝටල් පාසල අසල යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටී අද (12) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ රුසියානු ජාතික කාන්තාවක් තුවාල ලබා ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව අහංගම පොලිසිය පවසයි.
අහංගම සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයේ මාතර දෙස සිට අහංගම දෙසට ධාවනය වූ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් විදෙස් කාන්තාවගේ පාදයකට සුළු තුවාල සිදු වී ඇත.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි
Werzuo Digital

Leave a Reply