ත්‍රස්තවාදයට සම්බන්ධ විවිධ වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් 81 දෙනෙකුට අද (12) මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව සෞදි අරාබියාව නිවේදනය කළේය
ත්‍රස්තවාදය ඇතුළු කුරිරු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ යේමන ජාතිකයින් හත් දෙනෙකු සහ එක් සිරියානු ජාතිකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වන බව සෞදි පුවත්පත් ඒජන්සිය පැවසීය.
අල්-කයිඩා, යේමනයේ හූති කැරලිකරුවන් ඇතුළුව ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයන් පිරිසකට මෙලෙස මරණ දඬුවම ලබා දී තිබේ
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සෞදි අරාබියේ සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බව පවසමින් ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් විසින් මෙම මරණ දණ්ඩනය විවේචනය කළ අතර සෞදි රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය
විනිශ්චයකරුවන් 13 දෙනෙකු විසින් නඩු විභාග කර අදියර තුනකින් යුත් අධිකරණ ක්‍රියාවලියක් හරහා නඩු අසා මෙම දඬුවම ලබා දී තිබේ.
අත්‍යවශ්‍ය ආර්ථික ඉලක්ක වෙත ප්‍රහාර සැලසුම් කිරීම, ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කිරීම හෝ ඉලක්ක කර ගැනීම, පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ අවි ආයුධ රට තුළට ගෙන ඒම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල විය.
ලෝකයේ මරණ දණ්ඩනය වැඩියෙන්ම ක්‍රියාත්මක කරන ප්‍රමුඛ රටවල් පහක් ලෙස සෞදි අරාබිය, චීනය, ඉරානය, ඊජිප්තුව සහ ඉරාකය සිටින බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් සම්පාදනය කල නවතම වාර්තාවක සඳහන් වේ.
සවුදි අරාබියාව පසුගිය වසරේදි ද පුද්ගලයන් 69 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇත.